Del Oru Kanda

Del Oru Kanda - දැල්ඔරු කන්ද වනය

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කොහුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය තුල දැල්ඔරු කන්ද වනය වනය පිහිටා ඇත.මෙය වනජීවි හා වන සංරක්ෂන අමාත්‍යංශය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අකුරැස්ස අඩවි වන කාර්යාලය මගින් පාලනය හා සංරක්ෂණ කටයුතු කරනු ලබයි.මෙම වනය හෙක්ටයාර් 10.29 ක වපසරියක ව්‍යාප්තව ඇත.මෙය දෙදියගල රක්ශිතයෙන් වෙන්ව හුදකලා වනයක් ලෙස වෙන්ව පවතින රජයේ වනයකි.මෙම වනය දෙදියගල රක්ෂිතයේ පවතින ශාක හ අසත්ත්ව ප්‍රභේද දැක ගත හැකිය.

මෙහි ඇති ශාක වැස්ම තුල හැඩපත,ගොඩපර,දියපර,කැටකාල ශාක වර්ගත් වෙනිවැල් ගැට,වේවැල්,හාතවාරිය වැනි ඖෂධ වර්ගද සුලභව දැක ගත හැකිය මෙහි උපරිම උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර් 275ක පමණ අගයක් ගනී.මෙම වනයේ මුදුනත ප්‍රදේශය ජනයා හඳුන්වනු ලබන්නේ දැල්ඔරු ගල වශයෙනි.දැල් ඔරු ගා කන්ද වශයෙන් දැල් ඔරු ගලට ගමන් කිරීමේඩි ඉතාමත් සුන්දර ගමනක් ලෙස හඳුන්වන්න පුලුවන්.මෙහි 3600 ක දර්ශනීය තලයක් දැකගත හැකිය.මෙය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මෙන්ම මාතර දිස්ත්‍රික්කය තුල ඇති එකම ස්ථානය ලෙසද සංචාරකයින් ප්‍රකාශ කරනු ලබයි.මෙහි උතුරු නැගෙනහිර දෙසට වන්නට සමනල කන්ද ( ශ්‍රී පාදස්ථානය ) ඇතුළු කඳු පන්ති ගනනාවක් දර්ශනය වන මනස්කාන්ත දර්ශනීය ස්ථානයකි.බටහිර දෙසට හා දකුණු දෙසට වන්නට ගාල්ල දිස්ත්‍රික්කය දෙසින් ඉන්දියන් සාගරයද ඉතාමත් දර්ශනීය ආකරයෙන් දර්ශනය වේ.

දැල් ඔරු ගල මුදුන ඉතාමත් ආකර්ශනීය ස්ථානයක් වශයෙන් හඳුනාගත හැකි අතර මලියදේව මහරහතන් වහන්සේ වැඩ වාසය කර භාවනායෝගීව ජීවත් ව ඇති බවත් ජනප්‍රවාද හා මහජනයා අතර විශ්වාසයක් පවතී.මෙහි මුදුනත ජලය නොසිඳෙන පොකුණක්ද ඇති අතර වර්තමානයේ බෞද්ධයන් විසින් බුදු පිලිම වහන්සේ නම වඩා හිඳුවා ආගමික කටයුතු නියැලෙන බවත් දැක ගත හැකිය.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අකුරැස්ස අඩවි වන කාර්යාලය හා ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය මත 2024 කඳුකර දශකයේ සංවර්ධන වැඩසටහන යටතේ මලිදුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම වනය තෝරාගෙන ඇති අතර මෙමඟින් වනයේ ආරක්ෂාවද තහවුරු කිරීමක් සිදු වේ.