The kitul plant (Caryota urens) is a flowering tree species native to the wet forests of the Indian subcontinent and Southeast Asia. It is also recognized as a palm and goes by various names in different languages, known as "kitul" in Sinhala.
The kitul tree grows straight with a cylindrical trunk reaching a height of 13 to 25 meters, and its leaves can extend up to 6 meters. The leaves feature a prominent central rachis. The tree begins flowering between 10 to 15 years of growth, producing flowers that emerge from the top and gradually spread downward, eventually flowering even on the trunk. Villagers refer to this phenomenon as “flowering trunk thorns.”
In Sri Lanka, kitul is predominantly found in natural forests in the wet zone. It also grows in home gardens and plantations near tea, cinnamon, and rubber cultivations. Kitul cultivation is especially prominent in the districts of Matara, Galle, Ratnapura, and Badulla. Over time, the Kitul Development Board was established to enhance commercial cultivation, aiming for maximum yield. It is estimated that there are approximately 20 million kitul trees in Sri Lanka.
The primary income from kitul comes from tapping its flowers, a traditional process passed down through generations. This involves applying a natural paste to the flower to aid tapping. The process requires climbing the tree using makeshift ladders or ropes. Modern advancements include the introduction of a liquid called “Casper,” developed by the Industrial Development Board, which improves sap yield. Tapping is conducted in the morning, midday, and evening to extract the sap.
The sap is used to produce kitul syrup (jaggery), hakuru (crystallized jaggery), and kitul toddy (raa), as well as kitul vinegar. Kitul syrup is made by boiling the sap, while further boiling results in hakuru. Unboiled sap is used to produce toddy, and fermented toddy is used to make vinegar. Consuming these products provides essential nutrients and calories to the body.
Kitul toddy has a high demand among both local and foreign tourists. It is naturally produced and does not harm the body. However, toddy collection requires permits, and transport laws restrict carrying more than 3,000 ml without approval from the Excise Department.
කිතුල් කර්මාන්තය
කිතුල් ඉන්දියානු උපමහාද්වීපයේ සහ අග්නිදිග ආසියාතික රටවල් වල තෙත් වනාන්තර වල වැඩෙන තාල වර්ගයේ සපුෂ්පික ශාකයකි.කිතුල් ගසේ විද්‍යාතමක නාමය කැරියෝට ඌරෙන්ස් යනුවෙන් හඳුන්වනු ලබයි.
කිතුල් ශාකයද කපෘකක් ලෙස හඳුනාගත හැකිය.විවිධ භාෂාවන්හීදී විවිධ නම් වලින් හඳුන්වන මෙය සිංහල භාෂාවෙන් කිතුල් වශයෙන් හඳුන්වනු ලබයි.
කිතුල් ගස මීටර් 13ත් 25ක උසට සෘජු සිලින්ඩරාකාර කඳක් සහිතව වර්ධනය වීමක් දැක ගත හැකිය.පත්‍රයක දිගමීටර් 6ක් පමණ වේ.පත්‍ර වල මැද පැහැදිලි නාරටියක් දක්නට ලැබේ.ගස වර්ධනයට වසර 10ක් 15ත් ගිය විට ගසේ මල් හට ගැනීම සිදු වේ.කිතුල් මල් ගසේ මුදුනේ සිට හට ගන්නා අතර එය මුදුන් මල ලෙස හැඳින්වේ.පසුකාලිනව පහලට පහලට මල් හටගෙන අවසානයේ කඳේ පවා මල් හට ගැනීම සිදු වේ.එයමල් කඳ කටු ලෙස ගැමියන් හඳුන්වයි.
ශ්‍රී ලංකාව තුල කිතුල් ව්‍යාප්තිය ගැන සලක බැලුවහොත් බහුලව ව්‍යාප්ත වී ඇත්තේ තෙත් කලාපයේ ස්භාවික වනාන්තර වලය.මීට අමතරව තෙත් කලාපයේ ගෙවතු සහ තේ වගාව ආශ්‍රිතව ,කුරුඳු වගාව ආශ්‍රිතව,රබර් වගාව ආශ්‍රිතව කිතුල් ව්‍යාප්ත වී ඇති බව දක්නට ලැබේ.
මාතර, ගාල්ල,රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රධාන වශයෙන් කිතුල් වගාව දැකිය හැකිය.පසු කාලීනව මෙය වානිජ වගාවක් දක්වාවර්ධනය කිරීම ඔඉනිසකිතුල් සංවර්ධන මණ්ඩලය වශයෙන් ආයතනයක් ද පිහිටුවා කිතුල් කර්මාන්තයෙන් උපරිම ඵල ලබා ගැනීමට කටයුතු කරනු දක්නට ලැබීම සාධනීය තත්වයකි.
දැණට ලංකාවේ කිතුල් ගස් මිලියන් 20කට ආසන්න ගස් ප්‍රමාණයක් ඇතැයි මණ්ඩලය උපකලපනය කර ඇත.
කිතුල් ගසේ හට ගන්නා මල් මැදීමෙන් කිතුල් ගසේ ප්‍රධාන ආදායම් ලබාගැනීමක් සිදු කරනු ලබයි.මල් මැදීම සඳහා පැරැන්නන් විසින් පාරම්පරික ක්‍රමයක් භාවිතා කරනු ලබයි.ඒ සඳහා ස්වභාවිකව සකස් කරගත් අත් බෙහෙතක් තැම්පත් කරමින් මල් පදම් කරගැනීමක් සිදු කරනු ලබයි.මල් මැදීම සඳහා කිතුල් ගසට ගොඩ වනුයේ කිතුල් ගසට ලියක් තබා වැල් හෝ ලනු මගින් හැර ගැසීම මගිනි.නූතනයේ කිතුල් මල් පදම් කරගැනීම සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් කැස්පර් යනුවෙන් හඳුන්වන දියරයක් නිශ්පාදනය කර කිතුල් කාර්මීකයන්ට ලබා දීම තුලින් කිතුල් වල අස්වැන්න වැඩි කරගැනීමට සමත් වී ඇත.කිතුල් මලක් සාදා ගැනීමෙන් පසුව උදේ පාන්දර සහ දහවල් මෙන්ම සවස් කාලයේදී විටින් විට මල් මැදීම තුලින් තෙලිදිය ලබාගැනීමක් සිදු කරනු ලබයි.
මෙසේ මල් මැදීමෙන් ලබාගන්නා තෙලිදිය මගින් කිතුල් මැනි,කිතුල් හකුරු සහ සහ කිතුල් රා ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබයි.මීට අමතරව කිතුල් විනාකිරිද නිෂ්පාදනය කරනු ලබයි.තෙලිදිය පදමට උණුකර ගැනීම මගින් කිතුල් පැනි නිෂ්පාදනය කරන අතර කිතුල් පැනි තව දුරටත් උණු කරගැනීම මගින් හකුරු නිෂ්පාදනය කරනු ලබයි.තෙලිදිය උනු නොකර තබා ගැනීම මගින් කිතුල් රා නිෂ්පාදනය කරයි.කිතුල් රා තව දුරටත් තබා ගැනීම මගින් කිතුල් විනාකිරි නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරගත හැකිය.කිතුල් හකුරු පැනි ආහාරයට ගැනීම තුලින් ජනතාවගේ ශරීරයට අවශ්‍ය පෝෂණය සහ කැලරි ප්‍රමාණය ලබාගත හැකිය.
කිතුල් රා සඳහා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ඉල්ලුමක් ඇත.මෙය ස්භාවිකව නිෂ්පාදනය කරනු ලබන හෙයින් ශරීරයට අහිතකර නොවේ.රා මැදීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක්ද ප්‍රවාහනය සඳහා ද 3000ම්ල් වඩ රැගෙන යා නොහැකි අතර ඒ සඳහා සුරාබදු දෙපාර්තමෙන්තුව මගින් නීති අනපනත් සකස් කර ඇත.
අකුරැස්ස මලිදුව ප්‍රදේශයේ ජනතාව කිතුල් මල් මැදීම තුලින් අමතර ආදයමක් ලන අතර මලිදුව කලාපයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා දෙදියගල,දොළමාවත,කොහුගොඩ,දිගනහේන යන වසම් වලින් විශාල වශයෙන්කටයුතු කරනු ලබන කිතුල් කාර්මිකයන් රාශියක් සිටින අතර දොළමාවත ග්‍රාම නිළධාරී වසමේ කිතුල් නිෂ්පාදන ශ්‍රමිකයන් ලෙස සංවරධනය කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලැබේ.මේ සඳහා දොළමාවතකිතුල් නිෂ්පාදන සංවිධානය වශයෙන් සංවිධානයක්ද පිහිටුවා ඇත.
මලිඩුව ප්‍රදේශයේ ව්‍යවසායෙකු විසින් මධ්‍ය පරිමාණයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මලිදුව කිතුල් යන සන්නාමය යටතේ සිදුකරමින් දේශීය හා විදේශීය වෙළඳ පොලට නිශ්පාදන ලබාදීමත් සිදු කර විශාල ආදායමක් මලිදුව කලාපයට එක් කිරීමට කටයුතු කරයි.ඒ සඳහා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,අපනයන සංවර්ධන මණ්ඩලය,විදාතා මධ්‍යස්ථානය පහසුකම් සපයනු ලබයි.
කිතුල් ගස් පැරණි වීමෙන් පසුව කඳ දැව ලබා ගැනීමටත් දැව මගින් විවිධ නිර්මාණයන් සිදු කිරීමත් දැකගතහැකිය.එමකපනලද කිතුල් වල බඩ අඹරා කිතුල් පිටි ලබා ගැනීමෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ගනනාවක් සිදු කරනු ලබයි.
මෙය හේතු කොටගෙන අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් 2024 කඳුකර දශකය සංවර්ධන වැඩසටහන යටතේ මලිදුව කලාපයේ සංචාරක කර්මාන්තය දියත් කිරීමෙහිලා කිතුල් කර්මාන්තය තවත් තවත් සාධකයක් කරගනිමින් සංචාරකයන්ට තව අපූරු අත්දැකීමක් ලබාගැනීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටිමු.