The Dediyagala Aranya Senasana is located within the Dediyagala Reserve in the Dediyagala Grama Niladhari Division, under the Akuresse Divisional Secretariat Division in the Matara District, near the vicinity of Digili Oya. This monastery belongs to the Shyamopali Vanavasi Nikaya of the Mahavihara tradition.
The main center of this monastery is the Waturawila Aranya Senasana in the Galle District. It was founded by the Most Venerable Sri Knananandabhidhana Maha Nayaka Thero, who served as the first resident monk of several forest monasteries, including Waturawila, Madunagala, and Ederagala.
The Dediyagala Aranya Senasana was initially established by Venerable Mettananda Thero as its founding monk. At its inception, religious activities were carried out in a rock cave with the support of the local residents of Dediyagala.
The Dediyagala Aranya Senasana continues to thrive under the leadership of its 14th chief monk, Most Venerable Ulliduwave Sudhirananda Maha Nayaka Thero, who oversees its development. The monastery currently houses about five monks who perform various religious activities.
The monastery includes essential facilities such as a Buddha Shrine, Stupa, Bodhi tree, Dharma Hall, Dana Salawa (dining hall), residential kutis, walking paths, a meditation center, and even a hydroelectric power plant. A variety of Buddhist ceremonies are organized here regularly, adhering to strict schedules.
The monastery holds meditation programs and observance of Eight Precepts during every Poya (full moon) day, attracting a large number of devotees from various areas.
The annual Kathina Pinkama (robe offering ceremony) is conducted with great devotion, supported by devotees from many regions. The monastery is recognized as an ideal spiritual center for religious activities due to its tranquil and independent environment.
When visiting the Dediyagala Aranya Senasana, visitors are required to adhere to certain rules and regulations. It is essential to wear modest and respectful attire to ensure the protection of the reserve and its wildlife. This request is made both by the chief monk and the supporters’ committee to preserve the sanctity of the forest monastery.
දෙදියගල ආරණ්‍ය සේනාසනය
දෙදියගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොඨටාශයේ දෙදියගල ග්‍රාම නිළධාරී වසමේ දෙදියගල රක්ශිතය තුල දිගිලි ඔය ආසන්නයේ ය.මෙම ආරණ්‍ය සේනාසනය මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකායට අයත්ය.මෙහි මූලස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ වතුරවිල පිහිටා ඇති වතුරවිල ආරණ්‍ය සේනාසනය ලෙස හඳුන්වයි.මෙහි නිර් මාතෘ නායක ස්වාමීන් වහන්සේ වතුරවිල,මදුනාගල,එඩේරගල ආදී ආරණ්‍ය සේනාසන රැසකම ප්‍රථම වන වාසී මහා නායක බෝධිසත්ව ගුණේහේන අති පූජ්‍ය ශ්‍රී ඤණානන්දාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී.මාතර නගරයේ සිට කිලෝමීටර 34ක දුරින් අකුරැස්ස නගරයේ සිට කිලෝමීටර් 16ක දුරින් දෙදියගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත.
දෙදියගල ආරණ්‍ය සේනාසනයේ මුල්ම නායක ස්වාමීන් වහන්සේ මෙත්තානන්ද ස්වාමීන් වහන්සේ විසින් දෙදියගල ආරණ්‍ය සේනාසනය ආරම්භ කරන ලදී.දෙදියගල ජනයාගේ සහයෝගයෙන් ලබාගෙන මුලින්ම ගල් ලෙනක සිට ආගමික කටයුතු සිදු කරමින් සාසනික මෙහෙයක් සිදු කරන ලදී.
වර් තමානය වන විට නායක ස්වාමීන් වහන්සේලා 13 නමක් වැඩ සිටිමින් 14 වනනායක ස්වාමීන් වහන්සේ වශයෙන් බෝධිසත්ත්ව ගුණහේන අති පූජ්‍ය උල්ලිදුවාවේ සුධිරානන්ද මහානායක ස්වාමීන් වහන්සේ දෙදියගල ආරණ්‍ය සේනාසනය දියුනු කරමින් වැඩ වසනු ලබයි.
ස්වාමීන් වහන්සේලා පස් නමකට ආසන්නව වැඩ වාසය කරමින් ආගමිකකටයුතු සිදු කරනු ලබයි.බුද්ධ මන්දිරය,චෛත්‍ය රාජායනන්,බොධීන් වහන්සේ,ධර් ම ශාලාව,දාන ශාලාව,නිදන කුටි කිහිපයක්,සක්මන් මලු,විදුලි බලාගාරයක්,භාවනා මධ්‍යස්ථාන අතුළුව අංග සම්පූර් ණ අංග වලින් සමන්විතව පවතී.සෑම දිශාවකටම කාලරාමුකට අනුව බෞද්ධ ස්ථානයක කටයුතු පිලිවෙලකට සිදු කරනු ලබයි.
සෑම පසලොස්වක පොහොය දිනකම සීල සමාදන් වැඩ,භාවනා වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර විශාල පිරිසක් විවිධ ප්‍රදේශ වලින් සම්භන්ධවීම විශේෂ කාරණයක්මය.මෙහි පවතින නිදහස හා ස්වාධීනත්වය නිසා ආගමික කටයුතු වලට ඉතාමත් සුදුසුම බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වනු ලබයි.සෑම වසරකම ඉතාමත් උත්සව ශ්‍රියෙන් වාර් ශික කඨින පූජොත්සවය විවිධ ප්‍රදේශන්හී දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබයි.මෙම විහාරස්ථානයේ දායක දායිකාවන් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි සිටීමත් විශේෂත්වයකි.දෙශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද සිත් ගත් ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.
මෙම ආරණ්‍ය සේනාසයට පැමිණීමේදී අනුගමනය කල යුතු නීතී රීතී පද්ධතියක් තිබෙන බැවින් රක්ශිතයට හා සතා සිව්පාවාට හානි නොවන අයුරින් සංවරශීලී ඇදුමකින් සැරසී පැමිණීම අනිවාර් යය කාරණයක් බව මහා නායක ස්වාමීන් වහන්සේගේ මෙන්ම දායක සභාවේ ඉල්ලීමකි.