Digili Oya

Digili Oya - දිගිලි ඔය

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගංගාව වන නිල්වල ගංගාවේ ප්‍රධාන අතු ගංගාවක් ලෙස දිගිලි ඔය හඳුනා ගත හැකිය.දෙදියගල රක්ෂිතයේ තුන් මෝදර යන ස්ථානයෙන් දිගිලි ඔය ආරම්භ වේ.තුන් මෝදර වශයෙන් හඳුන්වන්නේ දොළ පාරවල් දෙකක් එකට එකතු වන අලංකාර සුන්දර ස්ථානයකි.දිගිලි ඔය දෙදියගල රක්ෂිතයෙන් ආරම්භ වී එය නාන දොළ බට දොළ ,ඊරියගහ දොළ යනාදී වශයෙන් විශාල දොළවල් ප්‍රමාණයකින් පෝෂණය ලබමින් ඉහල සුන්දර දසුනක් මවමින් ගලපර හා වැලි තල අතරින් ගලා බසින්නේ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු සඳහා මෙන්ම කෘෂිකාර්මික කටයුතු වල අවශ්‍ය ජලය ලබා දෙමින් නිල්වලා ගංගාව විශාල ජල ධාරිතාවයකින් පෝෂණය කරනු ලබමින් 25 Km කට ආසන්න දුරක් ගමන් කරමින් අකුරැස්ස ලද්දුව ප්‍රදේශයෙන් නිල්වලා ගංගාව සමඟ එකතු වේ. 1980 දශකයේ සිදුකරන ලද සමීක්ෂණයට අනුව ලංකාවේ පිරිසිදුම ජල ප්‍රභවයට හිමිකම් කියන ගංගාව ලෙස ලාංකික ජනතාව අතර ගෞරවයට පාත්‍ර විය.

දිගිලි ඔය මීටර් 12 ත් 13 කතර සාමන්‍ය පලලකට හිමිකම් කියනු ලබන අතර එහි ගැඹුර මීටර් 5 ත් 7ත් අතර වේ.මෙහි ශ්‍රී ලංකාවට ආවේණික විශාල මත්ස්‍ය සම්පතක් ජීවත් වන අතර බුලත් හපයා, විල්පිට දණ්ඩියා,රත්තා,ගඟරා,බටකොළයා ආවේණික මසුන් ලෙසත් කෙන්දා, ලූලා, ආඳා, හුංගා, කනයා, වැලිගොව්වා, ඉස්සන්, කකුළුවන් වැනි විවිධ මසුන් වර්ග මගින් ගඟාව ආකර්ශනීය කරනු ලබයි.තවද ජලයේ ජීවත් වන උරගයින් ද දැකගත හැකිය. මෙම ගංගාව සංචාරක ආකර්ශනීය ස්ථාන රාශියකින් යුක්තයි.දෙදියගල, ඇහැලපේ,ඉහල මලිදුව යන ග්‍රාම නිළධාරි වසම් වලදී සුන්දර ස්ථාන වලින් සංචාරකයන්ට ගංගවේ සුන්දරත්වය විඳගත හැකිය.මෙම ගංගාව නඩත්තු හා ආරක්ෂා කිරීමේ කටයුතු වාරිමාර්ග දෙපාර්ත මේන්තුව විසින් නිසි අධීක්ශනයක් යටතේ සිදු කරනු ලබයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගංගාව හරස් කරමින් මහා වාරි ව්‍යාපාර දෙකක් සිදු කරනු ලබයි.දෙදියගල හා දියලපේ වශයෙන් එම වාරි කර්මාන්තය හඳුන්වනු ලබයි. දෙදියගල මහා වාරි ව්‍යාපාරය ඇහැලපේ ග්‍රාම නිළධාරී වසම ආසන්නයෙන් ක්‍රි.ව. 1890 වසර වලදී මිනිස් ශ්‍රමය භාවිතා කරමින් කළුගල් හා කොන්ක්‍රීට් භාවිතා කර ගංගාවී ඉවුරු දෙක හරස් කරමින් බැම්මක් ඉදිකර ජලය රැස් කරමින් මගින් වසම් කිහිපයක කුඹුරු අක්කර දහ්ස් ගනනක් අස්වද්දනු ලැබේ.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 2024 කඳුකර දශකය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මලිදුව කලාපයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දිගිලි ඔය ආශ්‍රිතව සංචාරකයන්ට ආරක්ෂාව සලසා දෙමින් ක්‍රියාකාරකම් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා සංචාරක මග පෙන්වන්නන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවද දැක්විය යුතුය.